එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් අල් හුසේන කුමරු ලංකාවට පැමිණි දිනයේදී එම පැමිණීමට විරෝධය පළ කරමින් මහජනතාවට පීඩාවන අයුරින් කොළඹදී උද්ඝෝෂණය සිදුකරන ලදැයි චෝදනා ලැබ සිටින ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ඇතුළු 06කට එරෙහි නඩුව ලබන ඔක්තෝම්බර් 06 වැනිදා යළි කැඳවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (29) නියම කළාය.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් අල් හුසේන කුමරු ලංකාවට පැමිණි 2016 පෙබරවාරි මස 06 වැනිදා අල් හුසේන කුමරුගේ පැමිණීමට විරෝධය පළ කරමින් මහජනතාවට පීඩාවන අයුරින් කොළඹදී උද්ඝෝෂණ කරන ලදැයි ද ඒ අවස්ථාවේදී මාර්ගයේ ගමන් ගත් ජනතාවට පීඩා සිදුවන අන්දමට කටයුතු කරන ලදැයිද විත්තිකරුවන්ට එරෙහිව කුරුඳුවත්ත පොලීසිය විසින් නඩු පවරා තිබිණි.
ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමෙන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට අමතරව ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඞ් මුසම්මිල්, පාර්ලිමෙන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර, පාර්ලිමෙන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක, පියසිරි විජේනායක, සහ පළාත් සභා මන්ත්‍රී රොජර් සෙනෙවිරත්න සහ චමින්ද ජයලාල් නමැත්තන්ට එරෙහිව මෙලෙස නඩු පවරා ඇත.
මෙම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී විත්තිකරුවෝ අධිකරණයේ පෙනී සිටියහ.
ඒ අවස්ථාවේදී ඉදිරිපත් වු කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය මෙම නඩුව ලබන ඔක්තෝම්බර් මස 06 වැනිදා කැඳවීමට නියම කළේය.