හබරන හිරිවඩුන්න ප්‍රදේශයේ ගම්මාන ඇතුලත විදේශීය සංචාරකයන් යොදවා ඔරු සෆාරි ,කරත්ත සෆාරි ,ත්‍රිවිල් සෆාරි සිදුකිරීම නිසා පැතිර යන කොරෝනා රෝගය වැළදීමේ දැඩි අනාරක්ෂිත භාවයකට පත්ව ඇතැයි ප්‍රදේශවාසි ජනතාව පවසති.
රජය මඟින් පෞද්ගලික ආයතන මගින් සහ විවිධ ක්ෂේත්රයන් ඔස්සේ කොරෝනා වෛරසය පැතිර යෑම වළක්වා ගැනීම සඳහා උපදෙස් ලබා දී ඇති වකවානුවක අද 15 දින පෙරවරුවේ සිට හබරණ හිරිවඩුන්න ප්‍රදේශයේ විදේශීය සංචාරකයන් කිසිදු ආරක්ෂිත ක්‍රමවේදයක් තොරව මෙම සෆාරි සඳහා ගමට රැගෙන එන බව ගම්මු චෝදනා කරති.
ගමේ වැව් වල ඔරු පැදවීම සංචාරකයන්ට සිදුකරන බවත් අඩුම තරමේ එම සංචාරකයන්ගේ ජීවිත ආරක්ෂා කිරීම සඳහා ආරක්ෂිත කබා පළඳින්නේ නැතිව වතුරේ රැගෙන යන බවත් සංචාරක මඟ පෙන්වන්නන් කරත්ත සෆාරි පවත්වාගෙන යන පිරිස හා ත්‍රිරෝද රථවල සෆාරි රැගෙන යන අය කිසිදු ආරක්ෂිත මුඛවාඩමක් හෝ පලඳින්නේ නැති බව ද ගම්මුන් චෝදනා කරති.
මෙම සෆාරි තාවකාලිකව නවතා දමන ලෙස ගම්මුන් ව්‍යාපාරිකයින්ගෙන් ඉල්ලීම් කළ විට ඔවුන් ගැටුම් වලට පැමිණෙන බවත් මේ හේතුව නිසා බරපතල ප්‍රශ්නයක් හබරන හිරිවඩුන්න ප්‍රදේශයේ 15 දින ඇතිවූ බව ගම්මුන් කියති.
මේ වනවිට හබරණ නගරයේ සම්බාහන ස්ථාන ජාතික උද්‍යාන සියල්ල වසා දමා ඇති පරිසරායක ජනතාව නිවෙස් වලට වී ගමේ සිටියදී ගමට විදේශිකයන් කැදවාගෙන ඒම සිදුකරන බව ජනතාව කියති .
පසුව හබරණ ප්රදේශවාසින්ගේ බව හබරණ පොලීසියට දැනුම් දීමෙන් පසු පොලිස් නිලධාරීන් කීප දෙනෙකු පැමිණ සෆාරි ත්‍රිරෝද රථ සෆාරි සහ කරත්ත සෆාරි පවත්වමින් සිටි අයට දැඩි ලෙස අවවාද කරන්නට ද වූහ .එම අවවාද ද බොහෝ කරත්ත සෆාරි කරුවන් පිළිපදින්නේ නැතිව ඔවුන්ගේ රාජකාරිය සිදු කරමින් සිටින අයුරු ද අපට දැක ගැනීමට හැකි විය.
ඇතැම් සංචාරක මගපෙන්වන්නන් සහ ව්‍යාපාරිකයින් කියාසිටියේ තමන්ගේ රැකියාව අහිමිකර ගැනීමට නොහැකි බවත් එසේ නම් රජය විදේශීය සංචාරකයන් මෙරටට ගෙන්වීම නවතා දමන්නැයි ඔවුහු අප සමඟ ද උරණව කතා කරන්නට වූහ.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් හබරණ පොලිසිය කියා සිටියේ හබරන හිරිවඩුන්න ප්‍රදේශයේ සෆාරි රැගෙන යන පුද්ගලයන්ට විරුද්ධව ඉදිරියේදී දැඩි නීතිමය පියවර ගන්නා බවය.