ඉවත් කරන ලද විදුලි සංදේශ බදු, වැට් බදු හා ජාතිය ගොඩ නැගීමේ බදු සහනයන් දෙසැම්බර් මස 01දා සිට ක්රියාත්මක බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සඳහන් කරයි.
විදුලි සංදේශ බදු සහනය එම පාරිභෝගික ජනතාවට ලබාදෙන ලෙස විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් සේවාදායක සමාගම්වලට දන්වා ඇති බව කොමිෂන් සභාව සඳහන් කරයි.
මෙම බදු සහනය ක්ෂණිකව ලබාදීමට කටයුතු කිරීමේදී පැන නැඟුන ප්රායෝගික ගැටලු කිහිපයක් හේතුවෙන් පෙර ගෙවුම් පැකේජයන් කිහිපයක බදු අඩුවීමේ ප්රමාණයට සාපෙක්ෂව පැවැති මිලටම ලබාදෙන සේවා ප්රමාණයන් වැඩිකර එම සහනය පාරිභෝගිකයන්ට ලබාදීමට කටයුතු කර ඇති බවද එම කොමිෂන් සභාව සඳහන් කරයි.
එසේම පසුගෙවුම් පාරිභෝගිකයන්ගේ දෙසැම්බර් මස බිල් පතෙන් අදාළ බදු අඩුකිරීම් කර නොමැති අවස්ථා තිබුණත් එසේ වැඩිපුර අයකරගත් මුදල් පවතීනම් එය ජනවාරි මස බිල් පතෙන් අඩුවිය යුතු බවත් කොමිෂන් සභාව සඳහන් කරයි.
මෙම නියෝගවලට පටහැනිව යම් සේවාදායක සමාගමක් පාරිභෝගිකයන්ගෙන් වැඩිපුර බදු අයකරන්නේ නම් ඒ පිළිබඳව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව දැනුවත් කරන ලෙසද අධ්යක්ෂ ජනරාල් ඕෂධ සේනානායක මහතා සඳහන් කරයි.