වෛද්‍යවරුන් සතු පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථාන සංඛ්‍යාව පිළිබඳ සංගණනයක් සිදු කරන බව සෞඛ්‍ය හා දේශිය වෛද්‍ය සේවා අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පාර්ලිමේන්තුවේදී ඊයේ ( 21) පැවසුවාය .
එය ලබන මැයි මස 01 වැනි දින ආරම්භ කරන බව අමාත්‍යවරිය සඳහන් කළාය.
අවසන් වරට වෛද්‍යවරුන් සතු පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථාන සංඛ්‍යාව පිළිබඳ සංගණනයක් සිදු කර ඇත්තේ 2017 වර්ෂයේදී වන අතර , ඒ වනවිට ලියාපදිංචි කර තිබු වෛද්‍ය මධ්‍යස්ථාන සංඛ්‍යාව 657 කි .
ප්‍රමිතියෙන් තොරව ක්‍රියාත්මක කරන පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථාන හේතුවෙන් ගැටලු රැසක් උද්ගතව පවතින බවද මෙහිදි සාකච්ජා විය.
වාචික පිළිතුරු අපේක්ෂාවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය මෙම අදහස් පළ කළාය.