වගා කන්න 03කට පසු පළමු වරට මෙරට ගොවි ජනතාවට වී වගාවට අවශ්‍ය මඩ පොරොහ හෙවත් TSP පොහොර රැගත් MV INCE PACIFIC නෞකාව අද (16) අළුයම කොළඹ වරායට පැමිණ තිබේ.
එම නෞකාව මගින් මඩ පොහොර මෙට්‍රික් ටොන් 36,000ක් පමණ මෙරටට රැගෙන විත් ඇති අතර ඉදිරියේදී තමත් එවැනිම මඩ පොහොර නෞකාවක් මෙරටට පැමිණිමට නියමිතව ඇති බවත් සඳහන්.
එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ සහ USAID ආයතනවල දායකත්වයෙන් එම මඩ පොහොර මෙරටට ලබා දී තිබේ.
එමෙන්ම මෙරට ලක්ෂ 12ක් වන සියළුම වී ගොවීන්ට මෙම මඩ පොහොර තොගය නොමිලයේ බෙදා දීමට කටයුතු යොදා ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කරයි. ඒ අනුව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් නිර්දේශ කර ඇති පරිදි හෙක්ටයාර් 01කට මඩ පොහොර කිලෝග්‍රෑම් 55ක් බැගින් නොමිලයේ ලබා දීමට නියමිතව තිබේ.
ඒ අනුව වගා කන්න 03කට පසු සියලුම පොහොර වර්ග එකවර ලැබෙන එකම වගා කන්නය මෙම යල කන්නය බවත් සඳහන්.
ඒ අනුව TSP පොහොර (මඩ පොහොර ), යූරියා සහ MOP (බණ්ඩි පොහොර ) යන රසායනික පොහොර වර්ග 03ම ගොවීන්ට ලබා දීමට කටයුතු කර ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.
මෙම TSP පොහොර තොගය නිල වශයෙන් භාරදීම හා ගොවීන්ට බෙදා හැරීමේ කටයුතු ලබන ඉරිදා (19) පස්වරු 01.00ට වත්තල කොමර්ෂල් පොහොර සමාගම් පරිශ්‍රයේදී සිදුකෙරේ.