කෘමිනාශක බොහෝමයක් අඩංගු ලෝකයේ නරකම පලතුරු දහය සෙවීමේ සමීක්ෂණයකින් ඇපල් තුළ 98%ක් කෘමිනාශක අඩංගු බව වාර්තා වී ඇති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අතිරේක ලේකම් ආචාර්ය ඩී.බී.ටී. විජේරත්න මහතා 'අද' ට පැවසීය.
වාර්ෂිකව ලෝකය තුළ කෘමිනාශක අන්තර්ගත නරකම පලතුරු දහය සහ එළවළු දහය සෙවීමේ සමීක්ෂණ පැවැත්වෙන බවත්, දිගින් දිගටම එහිදී නරකම පලතුර ලෙස 'ඇපල්' වාර්තා වන බවත් විජේරත්න මහතා වැඩිදුරටත් පැවසීය.
තවද ඇපල් තුළ කෘමිනාශක වර්ග 15 ක් පමණ අඩංගු බවත් එලෙස ගත්කල අප රට තුළ වැවෙන දේශීය පලතුරු එතරම් කෘමිනාශක නොයොදන බවත් විජේරත්න මහතා පෙන්වාදෙයි.