'ලොරි චැසි මත බස් බොඩි ගසාගෙන' ධාවනය කිරීමට අවසර දෙනු ලබන ප්‍රතිපත්ති සම්පාදකයන්ද මෙරට තුළ මහ මගදී සිදුවන අනතුරුවලට වගකිවයුතු යැයි කොළඹ ජාතික රෝහලේ විශේෂඥ ශෛල්‍ය වෛද්‍ය කීර්ති අභයජීව මහතා අවධාරණය කරයි.
ඒ මහතා පෙන්වා දෙන්නේ, 'බස් යැයි කියා ගන්නා ලොරි චැසි මත බස් බොඩි ගැසූ රථවල' රියදුරු අසුන ප්‍රමිතියකට සකස් කර නොමැති බවත්, ඒ හේතුවෙන් අනතුරු සිදුවීමේ ප්‍රවණතාව ඉහළ ගොස් ඇති බවත්ය.
එසේම අස්ථි පද්ධතියට සිදුවන හානි ශෛල්‍යකර්ම මගින් ඇතැම් අවස්ථාවලදී පූරණය කළ හැකි වුවත්, ස්නායු පද්ධතියට සිදුවන හානි සම්පූර්ණ ලෙස පූරණය කිරීමට නොහැකි වන බව පෙන්වා දුන් විශේෂඥ වෛද්‍යවරයා, හදිසි අනතුරු වළක්වා ගැනීමට මෙරට තුළ ඇති අවධානය අවම මට්ටමක පවතින බවද ප්‍රකාශ කළේය.
හදිසි අනතුරකින් පසු සුෂුම්නා ආශ්රිත ආබාධ වැළැක්වීම හා අවම කිරීම පිළිබඳ දැනුම්වත් කිරීම සඳහා සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේදී අද (24දා) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් හෙතෙම මේ බව පැවසීය.