(UPDATE) ඇමෙරිකාවේ, ලාස් වේගාස් නුවර සංගීත ප්‍රසංගයක් අතරතුර සිදුවූ විවෘත වෙඩි තැබීමෙන් සිදුවූ ජීවිත හානි ප්‍රමාණය 50ක් දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් වාර්තා පවසයි.
එමෙන්ම, මෙම ම්ලේච්ඡ ප්‍රහාරයෙන් තවත් 200කට වැඩි පිරිසක් තුවාල ලබා තිබේ.
ප්‍රහාරය සිදුකළ පුද්ගලයා 64 හැවිරිදි ස්ටෙෆන් පැඩොක් ලෙස හඳුනාගෙන ඇති අතර, ඔහු මැන්ඩලේ බේ හෝටලයේ 32 වැනි මහලේ සිට සංගීත ප්‍රසංගයේ සිටි පිරිස වෙත මෙම විවෘත වෙඩි තැබීම සිදුකර ඇති බව මූලික පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වෙයි.
එමෙන්ම, මෙම පුද්ගලයා එම ප්‍රදේශයේම පදිංචිකරුවෙකු බවත්, ඔහු පොලිස් වෙඩි පහරින් පසුව ජීවිතක්ෂයට පත්වූ බවත් පොලීසිය පවසයි.
මෙය හුදකලා ත්‍රස්ත ප්රහාරයක ස්වරූපයක් ගන්නා බව පළාත් පොලිස් ප්‍රධානී ජෝ ලොම්බාර්ඩෝ පවසයි.
ඇමෙරිකාවේ ලාස් වේගාස් නුවර සිදුවූ වෙඩි තැබීමකින් පුදගලයන් 20 ක් ජීවිතක්ෂයට පත්ව තවත් 100ක් පමණ තුවාල ලබා තිබේ.
ඇමෙරිකාවේ ලාස් වේගාස් නුවර සංගීත ප්‍රසංගයක් අතර තුළදී සිදුවූ විවෘත වෙඩි තැබිමකින්නු පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 24 දෙනෙකු තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මැන්ඩෙලායි බේ හෝටලයේ පැවැති සංගීත සංදර්ශනයක් අතර තුළදී මෙම විවෘත වෙඩි තැබීම සිදුව තිබේ. තුවාල ලැබූවන්ගෙන් 14 දෙනෙකුගේ තත්ත්වය බරපතල බව රෝහල් ප්‍රකාශකයෙක් උපුටා දක්වමින් බී.බී.සී. පුවත් සේවය තොරතුරු වාර්තා කරයි.