හම්බන්තොට වරායෙන් ශ්‍රී ලංකාව වසරක් තුළ උපයා ගත් ආදායම චීන - ශ්‍රී ලංකා හවුල් ව්‍යාපාරයෙන් මාස 4ක් තුළ උපයා ගැනීමට හැකිවූ බව හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී තිස්ස වික්‍රමසිංහ මහතා පවසයි.
චීන තානාපති කාර්යාලයේ ඊයේ (23දා) පැවැති වැඩසටහනට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
මේ වන විට හම්බන්තොට වරායේ සේවක සංඛ්‍යාව 400 සිට 600 දක්වා වර්ධනය කර ඇති බවත් එයින් 80%ක්ම හම්බන්තොට ප්‍ර දේශයේ පදිංචිකරුවන් බවත් ඔහු පැවැසීය.
හම්බන්තොට වරායේ රැකියා ලබාදීමේදී හම්බන්තොට ප්‍ර දෙශයේ පදිංචිකරුවන්ට වැඩි අවස්ථාවක් ලබා දෙන බවත් ඔහු ප්‍රකාශ කළේය.
වරාය පියවරෙන් පියවර ඉදිරියට යන බවත් මේ වන විට හම්බන්තොට වරාය නියමිත මාවතට ගෙන ඒමට හැකිව තිබෙන බවත් ඔහු සඳහන් කළේය.
ඡායාරූපය ඉසුරු පෙරේරා