රුසියාවෙන් ඉන්ධන ලබාගැනීටම් කටයුතු පිළිබඳව සහතිකයක් තවමත් නොමැති බව අමාත්‍ය කාංචන විජේසේකර මහතා පැවැසීය. කෙසේ වෙතත් එම කටයුතු අඛණ්ඩව කරගෙන යන බවත් අමාත්‍යවරයා පැවැසීය.
මේ පිළිබඳව මැදිහත්වී කටයුතු කිරීමට හැකි නම් ඒ වෙනුවෙන් කටයුතු කරන ලෙස අමාත්‍යවරයා පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතාගෙන් ඉල්ලීමක්ද කළේය.
පසුගිය වසර දෙක තුළ ඉන්ධන ලබාගැනීම වෙනුවෙන් දිර්ඝ කාලීන ගිවිසුම්වලට නොයෑමද මෙවැනි අර්බුදයක් ඇතිවීමට හේතුව බව ඔහු ප්‍රකාශ කළේය.