2023 වසරේ මේ වසරේ මේ දක්වා (මැයි 19 වන දින දක්වා) කාලය තුළ දී ශ්‍රී ලංකා රුපියල, ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව සියයට 18.7 කින් අතිප්‍රමාණය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
එසේම මෙම වකවානුව තුළ දී අනෙකුත් ප්‍රධාන විදේශ ව්‍යවහාර මුදල් ඒකක කිහිපයකටම සාපේක්ෂව ද ශ්‍රී ලංකා රුපියල අතිප්‍රමාණය වී ඇත.
එහිදී ජපාන යෙන් මුදල් ඒකකයට සාපේක්ෂව 24.1% කින්, ස්ටර්ලිං පවුමට සාපේක්ෂව 15.4%කින්, යුරෝ මුදල් ඒකකයට සාපේක්ෂව 17.5%කින් සහ ඉන්දියානු රුපියලට සාපේක්ෂව 18.7%කින් 2023 වසරේ මැයි 19 දක්වා කාලය තුළ දී ශ්‍රී ලංකා රුපියල අතිප්‍රමාණය වී තිබේ.