ධාවනය වූ ලොරි රථයක් මාර්ගය අයිනේ නවතා තිබූ යතුරුපැදියක ගැටී එම යතුරුපැදියේ සිටි පොලිස් සැරයන්වරයෙකු බරපතළ තුවාල ලබා රෝහල්ගත කිරීමේදී මියගොස් ඇත.
පරණ කැස්බෑව මාර්ගයේ කට්ටිය හංදිය දෙස සිට දෙල්කඳ දෙසට ධාවනය වූ ලොරි රථයක් මාර්ගය අයිනේ නවතා තිබූ යතුරුපැදියේ ගැටී ඊයේ (03) රාත්රීයේ එම අනතුර සිදුව තිබේ.
මියගොස් ඇත්තේ 47 හැවිරිදි මරදාන පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරී කළ බුලත්සිංහල ප්රදේශයේ පදිංචිව සිටි පොලිස් සැරයන්වරයෙකි.