රාමායණය ග්‍රන්ථයේ සදහන් ස්ථාන නැරඹීම සදහා ඉන්දීය ජාතික ගුවන් මගීන් 78 දෙනෙකු අද (23දා) දහවල් කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ ශ්‍රී ලංකාවට පැමිණිය.
මෙම ගුවන් මගී පිරිසෙහි නායකත්වය දේශ මන්ගයාර්කරසි මහතා විසින් හොඹවනු ලැබීය. මෙම ඉන්දීය සංචාරකයන් පිරිස රාමායණයේ සදහන් ස්ථාන වලට අමතරව ශ්‍රී ලංකාවේ පිහිටි හින්දු ආගමික ස්ථාන ද නැරඹීමට නියමිතය.
මෙම පිරිස අද දහවල් 11.50 ට ඉන්දියාවේ චෙන්නායි සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 122 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.
ඉදිරි මාස 06 ක කාළය තුළ මෙවැනි ඉන්දීය සංචාරකයන් 800 ක් පමණ පිරිසක් කණ්ඩායම් වශයෙන් ශ්‍රී ලංකාවේ මෙම ස්ථාන නැරඹීම සදහා පැමිණීමට නියමිත බැව් මෙම සංචාරක කටයුතු සංවිධායක කමිටුවේ ලිටෝන් ප්‍රනාන්දු මහතා පැවසීය.
මෙම වැඩසටහන සංචාරක සහ ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ මග පෙන්වීම මත සහ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර සහයෝගිතාවය වර්ධනය කිරීම සදහා සංවිධානය කර තිබේ.