වෛද්‍ය උපාධිය පුද්ගලීකරණය කිරීමට එරෙහිව රාගම වෛද්‍ය පිඨයේ සිසුහු අද (19දා) රාගම රෝහල ඉදිරිපිට උද්ඝෝෂණ ව්‍යාපාරයක නිරත වූහ. රාගම වෛද්‍ය පීඨයෙන් දහවල් 12 ට පිටත්වුණු පාගමන රාගම රෝහල ඉදිරිපිටට පැමිණ විරෝධතා දක්වා විසිර ගියේය.
ඔවුහු ප්‍රකාශ කර සිටියේ ඇමරිකානු ඩොලර් 60,000 කට වෛද්‍ය උපාධිය හැදෑරීම සඳහා විශ්වවිද්‍යාලයෙන් දේශීය හෝ විදේශීය ශිෂ්‍යයන්ට අවස්ථාව ලබාදී ඇති බවයි. මේ ගැටලුවට නිසි පිළිවෙතක් නොගතහොත් ඉදිරියේදී දැඩි ක්‍රියාමාර්ගයකට යොමුවන බව ශිෂ්‍ය සංගමය ප්‍රකාශකර සිටියේය. සිසුන්ගේ අත්සන් සහිත පෙත්සමක් වෛද්‍ය පිඨයේ පාලන අංශ වෙත ලබාදීමටද මෙහිදී කටයුතු සිදුකෙරිණි.