නවගත්තේගම රළපනාව කනිෂ්ඨ විදුහල ප්‍රාථමික විද්‍යාලයක් බවට පත්කිරීමට එරෙහිව විරෝධය පළකරමින් එම විදුහලේ සිසුන් හා දෙමාපියන් පිරිසක් මේ වනවිට කරුවලගස්වැව මාර්ගය අවහිර කරමින් විරෝධතාවක නිරත වී සිටිති.
එම විරෝධතාව හේතුවෙන් පාසලේ වැඩකටයුතු අඩාළ වී ඇති අතර, එයට 600 ක පමණ පිරිසක් සහභාගී වී සිටිති. අධ්‍යාපන ඇමතිවරයාගේ තීරණය වහාම හකුළාගන්නා තෙක් තමන් විරෝධතාව අත්නොහරින බව විරෝධතාකරුවෝ සඳහන් කරති.