පිලිපීන නාවික හමුදාවට අයත් ‘රමොන් අල්කරාස්’ සහ ‘ඩවාවෝ ඩෙල්සූර්’ යන නෞකාවන් දෙක ඊයේ (26) කොළඹ වරායට සේන්දු විය.
තෙදින නිල සංචාරයක් සදහා පැමිණි මෙම නෞකාවන් ශ්රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්රදායානුකූලව පිළිගන්නා ලදී.
ඉන් අනතුරුව එම නෞකාවේ පැමිණි මෙහෙයුම් අණදෙන්නා වන කර්නල් නොඑල් ඩි බෙලෙරන් , අණදෙන නිලධාරීන් දෙදනා වන කපිතාන් ෆැන්සිස්කෝ ලුවිස් , කොමාණ්ඩර් හෝමර් ඩි ගොන්සාලෙස් ඇතුළු නිලධාරීන් පිරිස බටහිර නාවික විධාන මූලස්ථානයේදී, බටහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් සුමිත් වීරසිංහ හමුවිය.
එහිදි ඔවුන් ද්විපාර්ශ්වික වශයෙන් වැදගත් කරුණු කිහිපයක් පිළිබඳව සුහද පිළිසදරක නිරත වූ අතර, එම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.
තෙදින නිල සංචාරයක් සඳහා පැමිණි නෞකාව, දිවයිනේ රැදී සිටින කාල සීමාව තුළදී ශ්රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලබන සුහද ක්රීඩා තරඟ, සංස්කෘතික වැඩසටහන්, ශ්රී ලංකාවේ වැදගත් ස්ථානයන්හි සිදු කරනු ලබන සංචාරයන් ඇතුළු වැඩසටහන් කිහිපයක් සඳහා එහි නැව් මුළුව සහභාගී වීමට නියමිතව ඇති අතර, මෙම නෞකාවන් සිය තෙදින නිල සංචාරය නිමා කිරිමෙන් අනතුරුව මේ මස 29 වන දින දිවයිනෙන් පිටත්විමට නියමිතව ඇත.