එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා විපක්ෂනායක සජිත් ප්‍රේමදාම මහතාද මැතිවරණ වලට බිය වී ඇති බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.
එක්සත් ජාතික පක්ෂය ආණ්ඩු බලයේ සිටිය දීත්, විපක්ෂයේ සිටියදීත් මැතිවරණ වලට මුහුණ දීමට බිය බව පෙන්වා දුන් රණතුංග මහතා වත්මන් විපක්ෂ නායකවරයා මැතිවරණයෙන් නියමිත කාලයට පවත්වන ලෙස කළ ප්‍රකාශයෙන් ද එය තහවුරු වන බවත් කියා සිටි.
ගම්පහ දිස්ත්‍රික්කයේ ශ්‍රිලනිපයේ පැරණි ක්‍රියාකාරින් දැනුවත් කිරිම සදහා අද (09) උඩුගම්පළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කාර්යාලයේ පැවති රැස්වීමක දී රණතුංග මහතා මේ බව සදහන් කළේය.
ගම්පහ දිස්ත්‍රික්කයේ සියලුම ආසන නියෝජනය කරන පැරණි ශ්‍රිලනිප පාක්ෂිකයෝ 2000කට අධික පිරිසක් මෙම රැස්වීමට එක් ව සිටියහ.
"විපක්ෂයේ වගකීම තමයි පවතින ආණ්ඩුවෙන් හැකි සෑම වේලාවකම මැතිවරණයක් ලබා ගැනීම. අපි ආණ්ඩුවේ ඉන්නකොටත්, විපක්ෂයේ ඉන්නකොටත් ඕනෑම වෙලාවක මැතිවරණයකට සුදානමින් සිටියා.
එක්සත් ජාතික පක්ෂය පසුගිය අවුරුදු 05 තුළ ආණ්ඩු කරන කොට පුළුවන් තරම් මැතිවරණ කල් දැම්මා. එදා රනිල් හිටියෙත් මැතිවරණ වලට මුහුණ දෙන්න බයෙන්. අද සජිත් ඉන්නෙත් මැතිවරණ වලට මුහුණ දෙන්න බයෙන්. ආණ්ඩුව හොද නෑ කියනවා නම් ආණ්ඩුව වැඩක් නැත්නම් හෙට මැතිවරණයකට යන්න පාර්ලිමේන්තුවේ යෝජනාවක් ගේන්න කියලා අපි සජිත්ට අභියෝග කරනවා.
සමහරුන්ට අපි ඊළඟ මහ මැතිවරණයට තරග කරන ලකුණ ගැන ප්‍රශ්න කරනවා එදා ශ්‍රිලනිපය අත අතෑරියා. දියවෙලා ම ගියා. එජාපය අලියා අතෑරියා දියවෙලා ම ගියා. අපිට ඕන කෙනෙකුට එකතු වෙන්නත් පුළුවන් අපෙන් ඕන කෙනෙකුට යන්නත් පුළුවන්, ඕන කෙනෙකුට එන්නත් පුළුවන්. හැබැයි අන්තවාදීන්ට බෑ කවුරු ආවත් කවුරු ගියත් අපි ඉල්ලන්නේ පොහොට්ටුවෙන් විතරයි. පොහොට්ටුව අතහරින්න අපි ලෑස්ති නෑ. ඒක තමයි අපේ ජයග්රාහි ළකුණ. ඒක තමයි ජනතාව ඉල්ලන ලකුණ.
ඉදිරි මහා මැතිවරණයෙන් අපි තුනෙන් දෙකක බහුතර බලයක් අරගෙන රට නැවත ගොඩනගනවා. ගෝඨාභය - මහින්ද සුසංයෝගයට ඒකට අවශ්‍ය දැක්ම වැඩපිළිවෙලක් තියෙනවා. යහපාලනය කාලා වීනාශ කරපු රට ගොඩ නගන එක ලේසි නෑ. ඒත් අපි ඒකට ලෑස්තියි.”