එක්සත් ජාතික පක්ෂයේ පාක්ෂිකයන්ට පක්ෂයෙන් වැඩක් නොවුණද අලියා ලකුණ මරන්නට ඉඩ ලබා දිය නොහැකි බව එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක සහ නුවරඑළිය දිස්ත්රික් එජාප අපෙක්ෂක නවින් දිසානායක මහතා පැවසිය.
නවින් දිසානායක මහතා මේ බව පැවැසුවේ අද (05දා) වලපනේ ප්රදේශයේ මැතිවරණ ප්රචාරක රැස්විමකට එක්වෙමිණි.
මෙහිදි වැඩි දුරටත් අදහස් දැක් වු නවින් දිසානායක මහතා කියා සිටියේ 6 වෙනිදායින් පසුව එක්සත් ජාතික පක්ෂය ශක්තිමත්ව යළිත් ගොඩනගන බවයි.
එක්සත් ජාතික පක්ෂයේ නායකයා හරි මගට ගනිමින් එක්සත් ජාතික පක්ෂය ශක්තිමත් කරන බවත්, හරි මග යාමට එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්රමසිංහ මහතා කටයුතු නොකරන්නේ නම් ඔහුට නායකත්වයෙන් ඉවත් වන ලෙස දැනුම් දෙන ලෙසත් නවින් දිසානායක මහතා පැවසිය.
නුවරඑලිය දිස්ත්රික්කය තුළ එක්සත් ජාතික පක්ෂ අපෙක්ෂකයන් එකම වේදිකාවක සිට මැතිවරණ ප්රචාරක කටයුතු සිදු කළද අනෙකුත් පක්ෂ වල අපෙක්ෂකයන් මනාප පොරය නිසා තනි තනිවම මැතිවරණ ප්රචාරක කටයුතු සිදු කරන බවද නවින් දිසානායක මහතා පැවැසීය.
ලබන 6 දිනයෙන් පසුව එක්සත් ජාතික පක්ෂය හැර නොගිය පාක්ෂිකයන්ව රැක බලා ගැනිමට කටයුතු කරන බවද නවින් දිසානායක මහතා පැවසිය.