එජාප නායක රනිල් විත්රමසිංහ මහතාට කොයිතරම් මහන්සිවී ආණ්ඩු ලබාදුන්නත් ඒක පවත්වාගෙන යෑමට හැකියාවක් නොමැති බවත් කොතරම් මහන්සි වී ආණ්ඩු බලය ලබා දුන්නත් නියමිත කාලය අවසන් වනතුරු ඒ කිසිදු ආණ්ඩුවක් පවත්වාගෙන යෑමට නොහැකි වූ බව ජාතික සමඟි ජන බලවේගයේ මහනුවර දිස්ත්රික් අපේක්ෂක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.
ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මෙසේ පැවැසුයේ මහනුවර දෙවන රාජසිංහ මාවතේදී සමඟි ජන බලවේගයේ පක්ෂ කාර්යාලයක් විවෘත කිරීමේ උත්සවයට මහභාගි වෙමින්ය.
ශ්රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත්ව ගොස් 2002 දී එජාප ආණ්ඩුවක් ලබාගෙන රනිල් එහි අගමැති කරවූ ද චන්ද්රිකා බණ්ඩාරනයක ජනපතිනිය සමඟ අගමැතිවරයා ප්රශ්න ඇතිකර ගත් නිසා ඇය ආණ්ඩුව විසුරුවා හැරි අතර ඒෙලසම 2005 දී ලබාගත් ආණ්ඩුවට සිදුවූයේද ඒ හා සමාන දෙයක් බවත් හිටපු මන්ත්රීවරයා ඒහිදි සදහන් කර සිටියේය.