රත්නපුර නගරයේදී කාන්තාවකට පහරදුන් පොලිස් සැරයන්වරයාගේ වැඩ තහනම ඉවත්කරන ලෙස ඉල්ලා අද (2දා) භික්ෂූන් වහන්සේලා හා ප්‍රදේශවාසීහු රත්නපුර කොළඹ ප්‍රධාන මාර්ගය හරස් කරමින් විරෝධතා ව්‍යාපාරයක නිරත වූහ.
රත්නපුර නගරයම දන්නා ඇත්ත කතාව වෙනුවට මෙම කාන්තාවගේ වීඩියෝ දර්ශන මගින් වෙනත් දෙයක් පෙන්වීමට මාධ්‍ය ක්‍රියා කරන බවත් කාන්තාවට පහරදීමට අදාළව සමාජ ජාල වෙබ් අඩවියකට මුදාහැරීමෙන් පසු මෙරට මාධ්‍ය මගින් පෙන්වන විඩීයෝ දර්ශන විකෘති කර නිර්මාණය කරන ලද්දක් බවත් ඒ ගැන පරීක්ෂණයන් සිදුකර පොලිස් නිලධාරියාට සාධාරණය ඉටු කරන ලෙසත් එහිදී ඔවුහු පැවසූහ.
රත්නපුර - මලිති පෙරේරා