ඕනෑම අධිකරණයකදී මෙරට රණවිරුන් වෙනුවෙන් පෙනීසිටීමට නීතිඥවරුන් කණ්ඩායමක් සූදානමින් සිටින බව ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා මහතා අද (19දා) පැවසීය.
පසුගිය කාලය පුරා ඔවුන් රණවිරුවන් වෙනුවෙන් නොමිලේ පෙනී සිටි බවත්, ඉදිරියේදී එන ඕනෑම නඩු කටයුත්තකදී ඒ ආකාරයටම පෙනීසිටන බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.
'එළිය' සංවිධානය විසින් කොළඹ නිපෝන් හෝටලයේදී පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් මනෝහර ද සිල්වා මහතා වැඩිදුරටත් සඳහන් කළේ, විදේශීය විනිසුරුවරුන්ට මෙරටට පැමිණීමට ඉඩ නොදෙන බවත්, එවැනි විනිසුරුවරුන්ට මෙරට නීතිඥවරුන් බය නැති බවත්ය.