රට හරි මගක යෑමට නම් අගමැතිවරයා ඉවත් විය යුතු බවත්, පක්ෂයට හරිමගට ගැනීමට නම් මහලේකම් දුමින්ද දිසානායක ඉවත් විය යුතු බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාධ්‍ය ප්‍රකාශක ඩිලාන් පෙරේරා මහතා සඳහන් කළේය.
ආණ්ඩුවෙන් ඉවත් වූ 16 දෙනා එකතු වී එක්සත් ජාතික පක්ෂ විරෝධී පුළුල් පෙරමුණක් ඇති කරන බවත්, එම පෙරමුණ ඇති කිරීම සඳහා රට තුළ ජනතා සංවාදයක් ඇති කරන බවත් අද (24දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී හෙතෙම සඳහන් කළේය.
එම පෙරමුණේ නායකත්වය මහින්ද රාජපක්ෂ මහතා බවත්, පක්ෂයේ නායකයා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බවත් ඔහු පවසා සිටියේය.