රට තුල වර්ථමානයේ උද්ගතව ඇති නොසන්සුන්කාරී හා අරාජික තත්ත්වය හමුවේ නීතිය හා සාමය නිසි පරිදි ස්ථාපති කරන ලෙස වගකිව යුතු සියලු පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටින බවත් එසේ නොවන්නේ නම් වහාම ක්‍රියාත්මක වන පරිදි රාජකාරි වලින් බැහැරවීමේ ක්‍රියාමාර්ගයකට එලැඹීමට සිදුවන බවත් ශ්‍රී ලංකා ආගමන හා විගමන නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය සඳහන් කරනුයේ නිශ්චිත ලෙස විධායකය හා ව්‍යවස්ථාදායකය ක්‍රියාත්මක වීමේ යාන්ත්‍රණයක් නොමැති මොහොතක රටෙහි පවතින තත්ත්වය අනෙකුත් වෘත්තිය සංගම්වල තීරණ, පුරවැසියන්ගේ අභිලාශය හා තම නිලධාරීන්ට ඇති අවධානමද සැලකිල්ලට ගනිමින් වහාම ජාතික වැඩපිලිවලක් සකසා රටේ පවතින අර්බුදයන් හා නොසන්සුන්කාරී තත්ත්වය මග හැර ජන ජීවිතය යතා තත්ත්වයට පත් කල යුතු බවයි.
එසේම තම සංගමය ප්රචණ්ඩත්වය හෙළා දකින බවත් ඊට පෙළඹවු අපරාධරකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට නීති අංශවලට හා ඉදිරියේදී පත්වීමට නියමිත රජයට බලකරන බවත් කිසිදු පුද්ගලයෙකුට පහරදීමක්, හිරිහැර කිරීමක්, හෝ කිසිදු ආකාරයක දේපල හානි සිදුකිරිමක් නොකර මෙන් තම සංගමය මහජනතාවගෙන් ඉල්ලා සිටින බවද ඔවුන් සිය නිවේදනයෙහි දක්වා තිබේ.