රජයේ මැදිහත්වීමෙන් පෞද්ගලික ආයතනයක් පසුගිය වසරේ යල කන්නයේ තමන්ට ලබාදුන් ප්‍රමිතියෙන් තොර සෝයා බෝංචි හේතුවෙන් සිදුවූ වගා පාළුවට වන්දි ඉල්ලා ගොවීන් පිරිසක් අද (16) ගලෙන්බිඳුණුවැව නගර මධ්‍යයේ විරෝධතාවක නිරතවූහ.
මීට පෙර අක්කරයකට රුපියල් 17,500 ක් බැගින් වන්දි ගෙවීමට බලධාරීන් එකඟවුවත් එය මෙතෙක් ඉටුනොවූ බවටද ගොවියෝ චෝදනා කළහ. පසුව ඔවුන් ප්‍රදේශය ආරක්ෂා කරන දෙවියන් ලෙස සලකන හුරුළු දෙවියන් වෙත දේව කන්නලව්වක්ද සිදුකර, නගරය මධ්‍යයේ ලිපක් තනා කැඳ පිසගෙන පානය කර එම ස්ථානයෙන් පිටව ගියේ කඩිනමින් වන්දි මුදල් නොලබුණහොත් මාරාන්තික උපවාසයක් ආරම්භ කරන බව පවසමිනි.