මෙරට රජය සතු, විවිධ කාර්යයන් සඳහා වෙන්කළ රක්ෂිත ඉඩම් පිළිබඳ තොරතුරු ඇතුළත් සිතියමක් සකස් කර ඇති අතර, ආයෝජකයන් ඇතුළු ඕනෑම අයෙකුට අන්තර්ජාලය හරහා එය භාවිත කළ හැකිවන අයුරින් එය නිර්මාණය කර තිබේ.
අග්‍රමාත්‍යවරයා යටතේ තිබෙන ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ මධ්‍යම වැඩසටහන් කළමනාකරණ ඒකකයේ ඉල්ලීම පරිදි ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුව මගින් මෙම සිතියම නිර්මාණය කර ඇත.
මහා පරිමාණ සහ මධ්‍යම පරිමාණ ආයෝජකයන්ට තම ව්‍යාපෘති ස්ථානගත කිරීමේදී ඒ ඒ ප්‍රදේශයන්හි පිහිටි රජය සතු රක්ෂිත, වනාන්තර, වාර්මාර්ග ආදිය සඳහා වෙන්කරන ලද ඉඩම් ආදිය පිළිබඳ තොරතුරු ලබාගැනීම නිශ්චිත එක් මූලාශ්‍රයක් ලෙස මෙය නිර්මාණය කර තිබේ .
මෙමගින් ආයෝජකයන් ආදී විවිධ පාර්ශ්වයන්ට තම ව්‍යාපෘති සඳහා අවශ්‍ය ඉඩම් ලබාගැනීමේදී ඒ සඳහා ඉතාමත් සුදුසු ප්‍රදේශයන් ඉක්මනින් සහ පහසුවෙන් හඳුනා ගැනීමට හැකි වේ.
මෙම අන්තර්ජාල සිතියම වෙත www.survey.gov.lk/nsdi/lis/index_cad.php යන වෙබ් ලිපිනය හරහා සම්බන්ධ විය හැකි අතර, මෙම සිතියම පදනම් කරගෙන දෘශ්‍යමානව යම් ස්ථානයක් හඳුනා ගැනීම, GPS ක්‍රමය මගින් ස්ථානයන් සෙවීම, යම් ස්ථානයක් හඳුනා ගැනීමට හැකිවන සේ ස්ථානයේ නම සිතියමට ඇතුළත් කිරීම ආදී සේවාවන් ලබාගත හැකිය.