ළිඳකට වැටී සිටි වයස මාස 14 ක බිළිඳියක් බේරාගැනීමට යුද හමුදා රණවිරුවන් පිරිසක් ඊයේ (12දා) සමත් වූහ.
මුලතිව් ප්‍රදේශයේ කෙප්පාපිලව් ආදර්ශ ගම්මානයේදී අඩි 30 ක් පමණ ගැඹුරැති ළිඳකට එම ළදැරිය වැටී සිට ඇත.
මීට දින කිහිපයකට පෙර කිලිනොච්චියේ, මාන්කුලම්හිදී මෙලෙසම ළිඳකට වැටී සිටි කුඩා දරුවෙකු බේරාගැනීමට යුද හමුදාවේ සෙබළුන් පිරිසක් සමත්වී තිබුණි.
දෙවැනි ලුතිතන් එච්.ආර්.එන්. සංජීව, ලාන්ස් කෝප්රල් එම්.ඒ.ජී. උදය කුමාර, ලාන්ස් කෝප්රල් පී.එල්.කේ. මිහිරංග, සාමාන්‍ය සෙබළ එච්.බී.එස්.එස්. සංජීව, සාමාන්‍ය සෙබළ ඩබ්.එම්. සුමිත් කුමාර, කෝප්රල් කේ.පී. ඩික්මන් කුමාර, ලාන්ස් කෝප්රල් ආර්.ඩී.ටී.පී. විජේසූරිය සහ ලාන්ස් කෝප්රල් එස්.එස්.පී. ප්‍රනාන්දු යන නිලධාරීහු මේ සඳහා දායක වූහ.