යාපනය ඓතිහාසික නල්ලූර් කන්දසාමි කෝවිලේ පැවත්වෙන වාර්ෂික දේව මංගල්ලය මෙවර බැතිමතුන්ගේද සහභාගීත්වයෙන් යුතුව දින 25 ක් පුරා පැවත්වෙන බවට කෝවිල් භාරකාර මණ්ඩලය පවසයි.
නල්ලූර් කෝවිලේ වාර්ෂික දේව මෙහෙයේ කොඩි එසවීමේ මංගල්ලය හා වීදි සංචාරය පසුගිය 02 වනදා සිට ආරම්භ වූ අතර ඉදිරි දින 25 ක් පුරා දේව මෙහෙයන් රැසක් නල්ලූර් කන්දසාමි කෝවිලේදී පැවත්වෙයි.
කෙසේ වෙතත් පසුගිය වසර 3 ක කාලයක් පුරාවට පැවති කොවීඩ් අවධානම සහ පාස්කු ප්රහාරයන් හේතුවෙන් නල්ලූර් කෝවිලේ වාර්ෂික දේව මෙහෙයන් බැතිමතුන්ගෙන් තොරව පැවත්වීමට සිදුවුනද මෙවර බැතිමතුන්ගේ සහභාගීත්වයෙන් පැවත්වීමට අවසරය ලැබී ඇත.
කෙසේ වෙතත් නල්ලූර් කෝවිලේ වාර්ෂික දේව මෙහෙයන් වෙනුවෙන් පැමිණෙන බැතිමතුන්ට පවිතින කොවීඩ් අවධානමද සැලකිල්ලට ගනිමින් හැකි අයුරින් සෞඛ්යාරක්ෂිත පියවර අනුගමනය කරමින් දේව මෙහෙයන් වෙනුවෙන් සහභාගී වන සෙටද යාපනය මහජන සෞඛ්‍ය පරික්ෂ නිලධාරීන් දැනුම් දෙනු ලබයි.