තමන් පිළිබඳව වැරදි මතයක් සමාජ ගත කිරිමට උත්සාහ දරමින් සිටින බවත් තම හඩ පට සංස්කරණය කරමින් විකාශය කිරීම හරහා කාන්තාවක් ලෙස තමන්ගේ අයිතිවාසිකම් කඩවී ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සඳහන් කළාය.
එක්සත් ජාතීන්ගේ සංවිධානයට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඇය මේ බව ප්‍රකාශ කළාය.
“හඬපට සංස්කරණය කරමින් සමාජ මාධ්‍යවෙත මුදා හැරීම සම්බන්ධයෙන් මම කිහිපවිටක්ම පැමිණිලි කළා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටත් පැමිණිලි කළා. ඒත් කිසිවක් සිදුවෙලා නෑ.
මේ සිදුවීම නිසා කාන්තාවක් ලෙස මගේ අයිතිවාසිකම් කඩවෙලා තිබෙනවා. පුද්ගලයෙක් ලෙස මගේ මූලික අයිතිවාසිකම් කඩවෙලා තිබෙනවා.
මේ අවස්ථාව වන විට මා පිළිබඳ වැරදි මතයක් සමාජ ගත කරන්න හදනවා. ඉතාමත් විශාල මානසික හා දරුණු විදිහේ වද හිංසාවකට ලක්වෙලා තිබෙනවා. ඒ වුණේ හඩ පට සංස්කරණය කරලා අපගේ අවසරයිකින් තොරව එළියට දාපු එකෙන්.
පරිගණක අපරාධ නීතිය අනුව මෙය දඬුවම් ලැබිය හැකි වරදක්. ඒ අනුව මම මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිලි කළා. එ වගේම එක්සත් ජාතින්ගේ සංවිධානයේ කාන්තා පිළිබඳව සිටින නියෝජිතවරියන්ට මම පැමිණිලි කළා.
ඊට අමතරව මම යන්න තියෙන ඉහළම තැනට යනවා. එතකොට කියයි දේශ ද්‍රෝහි ක්‍රියාවක් කියලා.
මම ජනපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා මේ සිල්ලර වැඩ කරන්න නෙමෙයි. හොඳ රටක් ජනතාවට ලබාදෙන්නයි. ජනපතිතුමා වටේ ඉන්න අය එයට අකුල් හෙළනවා.
මම සාමාන්‍යෙයන් දෙයක් පටන් ගත්තාම අවසානය වෙන තෙක් සටන් කරනවා. හඩ පට සම්බන්ධයෙන් මුහුණ දුන් අනිත් කාන්තාවනුත් ඉහළම තැනට යන්න.
කාන්තාවන් කියන්නේ කුස්සියට වෙලා හැම දෙයක්ම ඉවසන් ඉන්න ඕන නෑ. සත්‍ය දන්න අය සත්‍ය දන්නවා. මේ හරහා මවක්, දියණියක් සහෝදරියක් ලෙස මම අපහසුතාවට ලක්වුණා.
මේවා සමාජ ගත කළ ආයතනවලින් වන්දි ඉල්ලලා මම එන්තරවාසි යැව්වා. මම ජිනීවා වලටත් යනවා. ආරම්භ කළ සටන අවසන් කරනවා."