මුහුදු බඩ දුම්රිය මාර්ගයේ අම්බලන්ගොඩ උස්මුදුලාව අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයේදී අද (4දා) උදේ දුම්රියක මෝටර් රථයක් ගැටී එහි ගමන්ගත් අයගේ දිවි අනූනවයෙන් බේරී ඇති බව අම්බලන්ගොඩ පොලීසිය පවසයි
මේ අනතුරින් මෝටර් රථයට බරපතල අලාභහානි සිදුව ඇති බවද පොලීසිය කියයි.
අලුත්ගම සිට ගාල්ල බලා ධාවනය කෙරුණු දුම්රියේ මේ මෝටර් රථය ගැටී ඇති බවද මේ අනතුරින් මෝටර් රථයේ ගමන්ගත් කිසිවෙකුටත් අනතුරක් සිදුව නැති බවද පොලීසිය පැවසීය.
අම්බලන්ගොඩ පොලීසිය මේ පිළිබදව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
කරන්දෙණිය එම්.සුසිල් පියන්ත