අධික වේගයෙන් සිය මෝටර් රථය පදවාගෙන ආ රියදුරෙකුට මෝටර් රථය පාලනය කර ගැනීමට නෙහැකිවීම හේතුවෙන් මොරටුව පරණ ගාලු පාර අසළ ප්රධාන මංසන්ධියේ ගමන් කරමින් තිබූ ත්රිරෝද රථ හතරක් හා යතුරු පැදි දෙකක ගැටීමෙන් අනතුරක් සිදුව ඇත.
අද (02) රාත්රියේදී සිදු වූ මෙම අනතුරින් ගර්භණී කාන්තාවක් ඇතුළු පුද්ගලයින් පස්දෙනෙක් තුවාල ලබා සිටිති. තුවාලකරුවන් කළුබෝවිල හා පානදුර රෝහලට ඇතුළත් කර ඇත. අනතුරින් වාහන සියල්ලටම දැඩි හනි සිදුව ඇත. මෝටර් රථයේ රියදුරු අනතුර සිදුකර පළායාමට උත්සාහකර ඇති අතර ප්රදේශවාසින් ඔහුව අල්ලා පොලීසිට භාර දී ඇත. සිද්ධිය පිළිබඳව මොරටුව පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.