ඌව පළාත් සභා මැතිවරණයට අදාළව කැෆේ සංවිධානයට මැතිවරණ සිදුවීම් 88ක් පිළිබඳව තොරතුරු වාර්තා වී තිබෙන අතර, එයින් වැඩි ප්රමාණයක් මොනරාගල දිස්ත්රික්කයෙන් බව කැෆේ සංවිධානය පෙන්වා දෙයි. ඔවුන් පවසන්නේ මොණරාගල දිස්ත්රික්කයෙන් මැතිවරණ සිදුවීම් 63 ක් සහ බදුල්ල දිස්ත්රික්කයෙන් මැතිවරණ සිදුවීම්19 ක් සහ වෙනත් සිදුවීම් 6ක් වශයෙන් එකී සිදුවීම් වාර්තා වී තිබෙන බවයි.
එසේමගතවු දින දෙක තුළ මොනරාගල මැතිවරණ ප්රචණ්ඩත්වය ශීඝ්ර ලෙස ඉහළ ගිය බවත්,මොනරාගල දිස්ත්රික්කයේ ගිනි අවි භාවිතයෙන් සිදුකරන ප්රචණ්ඩ ක්රියා ඉහළ ගොස් තිබෙන බවත් සංවිධානය වැඩිදුරටත් පවසයි. මෙම තත්ත්වය පාලනය කිරීමට මැදිහත් වන ලෙස කැෆේ සංවිධානය මැතිවරණ කොමසාරිස්වරයාගෙන් සහ අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා තිබෙන බවත් ඔවුන් නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි.