පොඩි පවුලකින් ආ පුද්ගලයෙකු ලෙස හඳුන්වා දෙමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ (04දා) කුරුණෑගල පැවැති සංවත්සර උත්සවයේදී අදහස් පළකරන අවස්ථාවෙදී දයාසිරි ජයසේකර ඇමතිවරයා ඇතුළු පක්ෂයේ නායකයන් කිහිපදෙනෙකු කඳුළු සලන ආකාරය තමා දුටු බව බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා අද (05දා) පැවසීය.
බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකදී මේ බව සඳහන් කළ මහ ඇමතිවරයා වැඩිදුරටත් පවසා සිටියේ, ජනාධිපතිවරයාගේ එම කතාවෙන් පසුව මින් ඉදිරියට ඒකාබද්ධ විපක්ෂයට කියන්න දෙයක් ඉතුරු නොවුණු බවයි.
ලක්ෂ පහකට වැඩි සෙනඟක් එම සමුළුවට පැමිණි බව කී ඒ මහතා, එම ජනතාව ගෙනා ලංගම බස්රථ 2800ක් රතු පලසක් එලූ ආකාරයෙන් කුරුණෑගලදී දිස්වුණු බවත්, තමාට ලංගම බස් නොලැබුණු බැවින් පෞද්ගලික බස්වලින් මහරගම ජනතාව ගෙනගිය බවත් පැවසීය.