මුලතිව් කේපාපිලව් සහ අලම්පිල් ප්රදේශයන්හීදී ඊයේ (12) දින කොටි සංවිධානය විසින් වලදමන ලද ආයුධ තොගයක් හමු වී ඇති බවට පොලීසිය පවසයි.
අලම්පිල් ප්රදේශයේ වැසියෙකු විසින් සිය ඉඩම එලිපෙහෙලි කරන ලද අවස්ථාවේදී වලදමා තිබූ පතුරම් තොගයක් මතුවීමෙන් ඒ පිළිබඳව මුලතිව් පොලීසිය දැනුම් දීමෙන් අනතුරුව පොලිස් නිලධාරීන් විසින් සිදුකරන ලද සෝදිසියකදී එහි තිබී මිලිමීටර් 80 වර්ගයේ මෝටාර් උණ්ඩයක් සහ බරඅවි පතුරම් 10 ක් පමණ සොයාගනු ලැබීය.
එමෙන්ම මුලතිව් කේපාපිලව් ප්රදේශයේ වැසියෙකුද ඉඩම එලිපෙහෙලි කරමින් සිටියදී වලදමා තිබූ පුද්ගල නාශක බිම්බෝම්බයක් මතුවී ඒ පිළිබඳව මුල්ලියාවලෙයි පොලීසියට දැනුම් දීමෙන් අනතුරුව පොලිස් නිලධාරීන් අදාල බෝම්බ රැගෙන ගොස් නිශ්ක්රීය කිරීමට පියවර ගෙන ඇත.
යුද සමයේදී කොටි සංවිධානය විසින් මතු ප්රයෝජන සඳහා මෙම බෝම්බ වලදමන්නට ඇති බවට පරික්ෂණ සිදුකරන පොලීසිය සැක පල කර සිටියේය.