මීගමුවේ මුදල් හුවමාරු කරන මධ්‍යස්ථානයක් තුළදී පසුගිය 17 වැනිදා සිදුවූ මංකොල්ලකෑමේ සිදුවීමට අදාළව බස්නාහිර පළාත් සභාව සඳහා ගම්පහ දිස්ත්‍රික්කයෙන් තරගකරන එක්සත් ජාතික පක්ෂ අපෙක්ෂකයෙකු අද (22දා) සැකපිට අත්අඩංගුවට ගත්බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා පැවැසිය.
අත්අඩංගුවට ගත් රොයිස් ප්‍රනාන්දු නම් වූ සැකකරු සන්තකයේ තිබී රුපියල් 185000 ක මුදලක් සෙයා ගැනීමටද පොලීසිය සමත්වී ඇත. සැකකරු එක්සත් ජාතික පක්ෂයේ මීගමුව ආසනයේ සංවිධායකවරයද වෙයි.