අද (20දා) සවස කොටුව දුම්රියපොළ ඉදිරිපිට පැවැත්වූ උද්ඝෝෂණයට සහභාගීවීමට සිටි මෑන් පවර් සේවකයන් පිරිසකට බලපෑම් සිදුකර, ඔවුන්ගේ පැමිණීම වළක්වා තිබුණු බව ලංකා විදුලි සේවක සංගමයේ ප්රධාන ලේකම් රංජන් ජයලාල් මහතා පැවසීය.
රාජ්ය ආයතන බොහෝමයක ප්රධානීන් විසින් මෙම බලපෑම සිදුකර තිබුණු බවත්, ඒ නිසා උද්ඝෝෂණයට සහභාගීවීමට ඔවුන්ට තිබූ අයිතිය අහිමි කර තිබූ බවත් හෙතෙම පවසා සිටියේය.