ඌව පළාත් සභා මැතිවරණ ප්රචාරක කටයුතු සිදුකෙරෙන අතරතුර සිදුවන පහරදීම් හා දේපළ අලාභ කිරීම් සංඛ්‍යාව 55 ක් දක්වා වර්ධනය වී තිබෙන බව කැෆේ සංවිධානය පවසයි. එසේම මොනරාගල දිස්ත්‍රික්කය පුරා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නීත්‍යනුකුල සහ නීත්‍යනුකුල නොවන පක්ෂ කාර්යාල 200කට ආසන්න සංඛ්‍යාවක් පවතින නමුත්, එ.ජා.ප. සහ ජ.වි.පෙ. කාර්යාලවලට දිගින් දිගටම ප්‍රහාර එල්ලවෙමින් තිබෙන බවද එම සංවිධානය සඳහන් කරයි.
මොනරාගල පක්ෂ කාර්යාලවලට පහරදීම සම්බන්ධයෙන් මේ දක්වා කිසිදු සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට හෝ නීති මගින් කටයුතු කිරීමට නොහැකිවී තිබෙන බවත්,ප්‍රහාර එල්ල වනවිට පොලිස් රථවාහන අංශ එම ප්‍රදේශවල නොසිටීම කැපීපෙනෙන තත්ත්වයක් බවත් ඔවුහු පෙන්වා දෙති.
එසේම මේ වනවිට කැෆේ සංවිධානයට පැමිණිලි 164ක් ලැබී තිබෙන බවත්, එයින් මොනරාගල දිස්ත්‍රික්කයෙන් පමණක් පැමිණිලි 120 ක් වාර්තා වී තිබෙන බවත් කැෆේ සංවිධානය පවසයි.