බස්නාහිර හා දකුණු පළාත් සභා මැතිවරණයේ මේ දක්වා මැතිවරණ පැමිණිලි 408ක් ලැබී ඇති බව කැෆේ සංවිධානය පෙන්වා දෙයි.
එයින් වැඩිම පැමිණිලි ප්රමාණයක් බස්නාහිර පළාතෙන් ලැබී ඇතිබව කැෆේ සංවිධානය පෙන්වා දෙයි. එම ප්රමාණය 240කි. දිස්ත්රික්කයක් ලෙස වැඩිම පැමිණිලි ප්රමාණයක් ලැබී ඇත්තේ කොළඹ දිස්ත්රික්කයෙනි. එම ප්රමාණය 115කි.
දකුණු පළාතෙන් පැමිණිලි 156ක් හා පළාත් දෙකටම පොදුව පැමිණිලි12ක් ලැබී තිබේ.