ආණ්ඩුව විසුරුවා හැර පාර්ලිමේන්තු මැතිවරණයකට යොමුවන තෙක් ශ්රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් පිහිටුවීමට ශ්රී ලංකා නිදහස් පක්ෂය කටයුතු කළයුතු යැයි පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.
ශ්රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් නිර්මාණය කිරීමට සහාය දැක්වුවද, කිසිසේත්ම ආණ්ඩුවට එක්ව තාවකාලික තනතුරු බාර නොගන්නා බවත්, ඉක්මනින් මහ මැතිවරණයකට යා යුතු බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
“අපි හැමදාම සිටියේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවට විරුද්ධවයි. ජනතාව පැහැදිලිව ආණ්ඩුව ප්රතික්ෂේප කරලා කර තිබෙනවා. ආණ්ඩුව කළ යුත්තේ අහිතකර පනත් සම්මත කරගැනීමට යොදාගන්නා තුනෙන් දෙකක බලය යොදාගෙන පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට කටයුතු කිරීමයි.
අපි බලාගෙන ඉන්නවා ශ්රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත්ව එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවක් නිර්මාණය කරන තෙක්. අපට තාවකාලික ආණ්ඩුවක තනතුරු ඕන නෑ. එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්ව ආණ්ඩුවක් තැනීමට අපි සහාය දෙනවා. අපි විපක්ෂයේ සිටිමින් අපේ වගකීම ඉටුකරනවා.”
යනුවෙන්ද හෙතෙම කියා සිටියේය.