ශ්‍රී ලංකාව තුළ මැණික් කැණීම සඳහා කිසිදු විදේශිකයෙකුට හෝ විදේශීය සමාගමකට බලපත්‍ර ලබා නොදෙන බවද, ශ්‍රී ලංකාව තුළ මැණික් වෙළෙඳ කටයුතු සඳහා සම්බන්ධ වුවද විදේශීය සමාගම් සඳහා මැණික් කැණීමට කිසිදු අයුරකින් සම්බන්ධ විය නොහැකි බවද පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.
මැණික් කර්මාන්තයට අදාළ ගැටලු පිළිබඳව අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවේදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළ බව අමාත්‍යාංශය සඳහන් කළේය.