තමාව ඝාතනය කිරීමේ සැලසුමක් ක්‍රියාත්මක බව කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රසන්න සෝලංගආරච්චි මහතා පැවසීය.
කොළඹ දී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු තවදුරටත් සඳහන් කළේ, තමාව තනිකර ඝාතනය කිරීමේ හෝ අත්අඩංගුවට ගැනීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බවයි.
එහිදී අදහස් දැක්වූ සෝලංගආරච්චි මහතා,
“මම දන්නෙ නෑ එස්.ටී.එෆ්. ද කියලා මගෙ ප්‍රදේශයට ඇවිල්ලා සභාපතිගේ ගේ කොහෙද කියලා අහලා තියෙනවා. හැම හන්දියෙන්ම මම ගැන අහලා ගමේ ලොකු භීෂණයක් ඇති කළා. ජනතාව බිය වද්දලා තියෙනවා. අපේ ආරක්ෂාව අයින් කරලා. ජනතාව අපේ ගෙවල්වලට එන එක නවත්වලා. අපිව තනි කරලා අපිට ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් හෝ අත්අඩංගුවට ගැනීමේ කුමන්ත්‍රණයක් යනවා. ඒ පැතිවලින්ම අපිට නොයෙකුත් විදියට දැනගන්න ලැබිලා තියෙනවා.
ඔවුන් දැනටමත් මගෙ ගේ ළඟ වට කරලා ඉන්නේ. දැනටමත් සැලසුම් හදලා තියෙන්නෙ ආයුධ මගෙ ගෙදරට දාලා මාව හිරකරන්න. එහෙම නැත්නම් ආයුධ පෙන්වන්න කියලා මාව එක්කරගෙන ගිහින් ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් යනවා. ඒත් එක්කම හිරුණිකා නංගිට තියෙන තර්ජන නිසා එළියට එන්න නැතිව ඉන්නවා. මේකද යහපාලනය. මේකද ප්රජාතන්ත්රවාදය. අපි මැරෙන්න ලෑස්තියි. අපිව ඝාතනය කළොත් ආරක්ෂක ඇමති හෝ ආරක්ෂක ලේකම් වගකීම බාරගත යුතුයි.” යැයි පවසා සිටියේය.
ඡායාරූප ශමීර රාජපක්ෂ