ඉදිරි ජනාධිපතිවරණයේදී බොදු බල සේනා සංවිධානයේ සහාය කුමන පාර්ශ්වයට ලබාදෙන්නේ දැයි යන්න පිළිබඳව ඍජුව ප්‍රකාශ කරන ලෙස පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ගෙන් මාධ්‍යවේදීන් විමසා සිටි අතර, එහිදී උන්වහන්සේ ලබාදුන් පිළිතුර වූයේ “මාව අමාරුවේ දාන්න එපා* යන්නයි.
අද (02දා) බොදු බල සේනා සංවිධායනය විසින් පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවකදී උන්වහන්සේ මෙම පිළිතුර ලබාදුන්නේය.
මෙහිදී උන්වහන්සේ සඳහන් කළේ සංවිධානය රටේ ජාතික ආරක්ෂාව පිළිබඳව පමණක් සිතා කටයුතු කරන බවත්, ආර්ථිකය, සංවර්ධනය ආදී කරුණු කාරණා තමන්ට අදාළ නොවන බවත්ය
රටට සාමය උදාකළ නායකයා හෝ පිල කුමන හෝ තැනක සිරකරවීමට කුමන්ත්රණකාරී බලවේග කටයුතු කරන බව හැඟීයන බැවින් එවැනි කුමන්ත්‍රණ පරාජය කළ යුතු බවද පැවසූහ.