මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් විරසිංහ මහතා, මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන යන මහත්වරුන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු සමගි ජන බලවේගයේ මන්ත්‍රිවරු පිරිසක් හමුවි තිබේ.
මෙම හමුව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්වන හර්ෂ ද සිල්වා, එරාන් වික්‍රමරත්න හා කබීර් හෂීම් යන මහත්වරුද එක්ව තිබේ.
මේ පිළිබඳව සිය ටිවිටර් ගිණුමෙන් අදහස් දක්වන සජිත් ප්‍රේමදාස මහතා පවසන්නේ ශ්‍රි ලංකාව මේ වන විට මුහුණ දෙන අර්බුදකාරී තත්ත්වයෙන් ගොඩ ඒම වෙනුවෙන් ඕනෑම සහයෝගයක් ලබාදෙන බවයි.
"මෙම අර්බුදයෙන් ගොඩ ඒම සඳහා අපි සෑම විටම අපගේ නොමසුරු සහයෝගය ලබා දෙන්නෙමු. මහ බැංකු අධිපති හා භාණ්ඩාගාර ලේකම් සමඟ ඵලදායී රැස්වීමක් පැවැත්වුණා. අර්බුදකාරී උසිගැන්වීම්කරුවන් සමඟ වැඩ කිරීමට සම්බන්ධ නොවන තාක් කල් අපි ඕනෑම වගකීමක් භාර ගන්නා බව සහතික කරන්නෙමු"