මෙවර මහ මැතිවරණයේදී දිගාමඩුල්ල දිස්ත්‍රික්කය ආශ්‍රිතව උණුසුම්කාරී මැතිවරණ ව්‍යාපාරයක් ක්‍රියාත්මක වනු ඇතැයි කැෆේ සංවිධානය කියයි.
එම සංවිධානයේ විධායක අධ්යක්ෂ අහම්ඩ් මනාස් මකීන් මහතා නිවේදනයක් නිකුත් කරමින් ඒ බව සඳහන් කර තිබේ.
දිගාමඩුල්ලේ ස්ථාන තුනක් " හොට්ස්පොට්ස්" ලෙස හඳුනා ගෙන ඇති බවත්. ඒ අනුව පොතුවිල් සයින්දමරුදු සහ අක්කරපත්තුව යන ප්‍රදේශ මෙම ස්ථාන තුන වන බවත් එම නිවේදනයේ සදහන්ය.
මේ වනවිට එම ප්‍රදේශ ආශ්‍රිතව වෛරී ප්‍රකාශවල ඉහළ යාමක් සහ සුළු ප්‍රචණ්ඩකාරී තත්වයක් වාර් තා වන බව අහමඩ් මනාස් මකීන් මහතා පවසයි.