විදේශීය සරණාගතයන් බාරගැනීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන් ගිවිසුමක් අත්සන් කර තිබෙන බැවින් විදේශයන්ගෙන් මෙරටට පැමිණෙන සරණාගතයන් බාරගැනීමට සිදුව ඇතැයි ජාතික හෙළ උරුමයේ මහලේකම් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අද (03දා) පැවසීය.
එම ගිවිසුම අත්සන් කරන අවස්ථාවේදී තමන් විරුද්ධ වූ අතර, එම විරෝධය නොතකා එකල පාලකයන් ගිවිසුම අත්සන් කළ බවත්, මියන්මාරයේ රෝහින්ග්‍යා සරණාගතයන් බාරගැනීමට සිදුව ඇත්තේ ඒ හේතුවෙන් බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
ජාතික හෙළ උරුමයේ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාඨලී රණවක මහතා සඳහන් කළේ, මියන්මාරයේ ප්‍රශ්න මියන්මාරයට විසඳා ගැනීමට ඉඩදී ලංකාවේ ප්‍රශ්න ලංකාව විසඳාගත යුතු බවයි.