එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නාමයෝජනා මහින්ද රාපක්ෂ මහතාට ලබා දීමට ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා එකඟ වූ බැවින් මහින්ද රාජපක්ෂ මහතා සන්ධානයෙන් මහ මැතිවරණයට ඉදිරිපත් වන බව පසුගිය සිකුරාදා පැවති සන්ධාන ප්රවෘත්ති සාකච්ඡාවකදී අනාවරණය කෙරුණි.
සන්ධානයේ බලය මහින්ද පාර්ශ්වය දිනා ගත්තද ඇති විය හැකි නීතිමය තත්ත්වයන් නිසා අලුත් සන්ධානයක් නිර්මාණය කරගෙන මැතිවරණයට ඉදිරිපත් වීමට පසුගිය බ්රහස්පතින්දා රාත්රිය වන විට තීරණවෙමින් තිබුණද සිකුරාදා උදෑසන එම නීතිමය තත්ත්වයන් නිරාකරණය කිරීමට හැකි වී තිබේ. මේ අනුව මහින්ද රාජපක්ෂ මහතා සන්ධානයේ අපේක්ෂකයෙකු ලෙස මෙවර මැතිවරණයට ඉදිරිපත් වීමට නියමිතය.
කෙසේ වුවද ජනාධිපතිවරයා එකඟ වී ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතාට පමණක් නාමයෝජනා ලබා දීමට පමණක් බවත් දූෂිතයන්ට නාමයෝජනා නොදෙන බවත් මෛත්රී පාර්ශ්වයේ අදහසයි. මහින්ද පාර්ශ්වය පවසන්නේ ජනාධිපතිවරයා එවැනි ප්රකාශයක් කර නොමැති බවයි. එසේම සන්ධානයේ හිටපු මන්ත්රීවරු සියලු දෙනාටම නාමයෝජනා ලබා දෙන බවද සන්ධානයේ ප්රකාශකයෙකු පැවසීය. එහිදී පසුගිය නොවැම්බරයේ දී මෛත්රීපාල සිරිසේන මහතා සමග එක් වූ මන්ත්රීවරුන්ගේ කැමැත්තක් ඇත්නම් සන්ධානය සමග එක්විය හැකි බවද ඔහු පැවසීය.