අරලියගහ මන්දිරය ඉදිරිපිට හා ගාලුමුවදොර ජනාධිපති කාර්යාලය අසල අරගලකරුවන්ට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ නගර සභාවේ නාගරික මන්ත්රි මහින්ද කහඳගමගේ මහතා අද (02දා) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
පසුගිය (9දා) සිදුවීමට අදාලව ඔහු ඇතුළු කණ්ඩායමක් සැකකරුවන් ලෙස නම්කර අත්අඩංගුවට ගන්නා ලෙසට කොටුව මහේස්ත්රාත් අධිකරණය නියෝගයක් නිකුත් කර තිබුණි.