පංච මහා කේන්ද්‍රයන් තුළින් රට සංවර්ධනය කරන බවට බලයට පත්වූ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව කියූවත්, ඔවුන් රට තුළ අර්බුද 05 ක් නිර්මාණය කර තිබෙන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක ඊයේ (15දා) මහරගම පැවැති ජන හමුවක් අමතමින් පැවැසීය.
නායකත්වයට පත්වීමෙන් පසු පැවැති ප්‍රථම ජනරැළියේදී මේ බව සඳහන් කළ පක්ෂ නායකවරයා වැඩිදුරටත් සඳහන් කළේ දැනුමේ කේන්ද්‍රය වෙනුවට, පුද්ගලික විශ්වවිද්‍යාල ඇතිකිරීම අධ්‍යාපනය මුදලට විකුණා දැමීම ආරම්භ කර තිබෙන බවයි.
මීට අමරතව බලශක්ති කේන්ද්‍රය වෙනුවෙන් සකස් කළ නොරොච්චෝලේ බලාගාරය විවෘත කර ගෙවී ගිය මාස 36 ක කාලය තුළ 26 වතාවක් අක්රීයවි තිබෙන බවද ඒ මහතා පවසා සිටියේය.
වෙළෙඳ ආර්ථිකයක් ගැන කතා කළත් රටේ කෘෂි ආර්ථික විනාශ කර දමා, කුඩු එතනෝල් ගණිකා කේන්ද්‍රස්ථානයක් ඇති කර තිබෙන බවත්ය.
ගුවන් කේන්ද්‍රයක් ගැන කථා කළත් පසුගිය වසර දෙක තුළ දී මිහින් එයාර් ගුවන් සේවය කෝටි 623 කුත් එයාර්ලංකා සමාගම කෝටි 7000 ක පාඩුවකුත් ලබා තිබෙන බවද දිසානායක මහතා පවසා සිටියේය.
නාවික ආර්ථිකය ගැන කථා කළත්, කොළඹ වරායේ ආදායම් ලබන කොටස චීනයටත් ඉදිකළ හම්බන්තොට වරාය නිකම්ම නිකන් ජල ටැංකියක් බවටත් පත්වී තිබෙන බවද ඒ මහතා පෙන්වා දුන්නේය.