ජනතා කැමැත්ත එජාපයෙන් ජනපතිවරයෙකු බිහි කිරීමයි
මහින්ද රාජපක්ෂ මහතාට තෙවරක් ජනාධිපතිවරණයට ඉදිරිපත් විය හැකිද, නැද්ද යන්න තම පක්ෂයට ප්රශ්නයක් නොමැති බවත්, කවුරුන් ජනාධිපතිවරණයට ආණ්ඩුවෙන් ඉදිරිපත් වුවත්, ජනතා කැමැත්ත තිබෙන්නේ එක්සත් ජාතික පක්ෂයෙන් ජනාධිපතිවරයෙකු බිහිකර ගැනීමට බවත් එක්සත් ජාතික පක්ෂය සඳහන් කරයි.
මේ නිසා ඡන්ද පොළ 12,000 ක් ඉලක්ක කරගනිමින් ආසන සංවිධායකවරුන් පත්කර ඡන්ද ලක්ෂ 65 ක් එක්සත් ජාතික පක්ෂයට ලබාගැනීමේ වැඩපිළිවෙළක් මේ වනවිට සකස්කර තිබෙන බවද එක්සත් ජාතික පක්ෂ මහලේකම් තිස්ස අත්තනායක මහතා සඳහන් කළේය.
සමස්තයක් වශයෙන් ඉදිරි ජනාධිපතිවරණයේදී ලක්ෂ 120කට ආසන්න පිරිසක් ඡන්දය භාවිත කිරීමේ සුදුසුකම ලබා තිබෙන බවද ඔහු පවසා සිටියේය.
මෙම ප්රමාණයෙන් ලක්ෂ 100කට ආසන්න ප්රමාණයක් ඡන්දය භාවිත කළ බවට ගණනය වී තිබෙන බවත්, එම ප්රමාණයෙන් ඡන්ද ලක්ෂ 65 ක් ලබාගැනීම එක්සත් ජාතික පක්ෂයේ මූලික අරමුණ වී තිබෙන බවත් මහලේකම්වරයා සඳහන් කළේය.