මහජන බැංකුවේ කිසිදු මූල්‍ය අර්බුදයක් නොමැති බවත්, පසුගිය වසරවල ලබාගත් ලාභයෙන් එය තහවුරු වන අතර, 2014 පළමු කාර්තුවේදී රු.මිලියන 2,262ක බදු ලාභයක් උපයා ගැනීමට මහජන බැංකුව සමත් වී ඇති බවත් ජ්‍යෙෂ්ඨ අමාත්‍ය හා මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා පවසා සිටියේය.
අමාත්‍යවරයා මෙසේ අදහස් දක්වා සිටියේ අද (05දා) පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.
2012 කෝප් වාර්තාව පෙන්වා දෙන පරිදි මහජන බැංකුව විසින් 1991-1995 කාලය තුළ ප්රදානය කර ඇති ණය ආපසු අයකර ගැනීමට නොහැකි වී ඇති නිසා ණය වර්ධනයේ අඩුවීමක් මත සමස්ත ලාභයේ අඩුවීමක් පෙන්නුම් කළද මහජන බැංකුවේ කිසිදු මූල්‍ය අර්බුදයක් නැතැයි එහිදී අමාත්‍යවරයා පවසා සිටියේය.
"ඒ කාලයේ ලබාදී ඇති ණය ප්‍රමාණය රු.මිලියන 5,518ක් වෙනවා. ලබා දී ඇති මේ ණයවල සුරක්ෂිත බවක් නැහැ. බොල් ණය ලෙස මේවා අයකර ගැනීමට මහජන බැංකුව කටයුතු කරමින් සිටිනවා. මේ වනවිට මේ ණය ශේෂය රු.මිලියන 5,052 දක්වා අඩුකර ගැනීමට හැකි වී තිබෙනවා. මේ සම්බන්ධයෙන් සාකච්ඡා සිදු කරනවා. නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා" යැයි ඔහු වැඩිදුරටත් පැවසීය.