සියඹලාන්ඩුව ප්‍රදේශයේ කාන්තාවක් තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර ඇතැයි පොලීසිය කියයි.
ඝාතනයට ලක් වූ කාන්තාවගේ මවගේ අනියම් සැමියා විසින් මෙම ඝාතනය කර ඇතැයි පොලීසිය කියයි.
සියඹලාන්ඩුව පොලිසිය මගින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවත්, ඝාතනය වූ කාන්තාවගේ මෘත ශරීරය නිවස ආසන්නේ පිහිටි බඩඉරිගු වගාවක තිබි බවත් පොලීසිය කියය.
රංජනි පුෂ්පලතා නැමැති කාන්තාවක් මෙසේ ඝාතනය කර ඇත්තේ ඊයේ (18දා) දිනයේදී වෙන අතර නිවසේ ඇතිවූ ආරවුලක් ඝාතනයට හේතු වී තිබේ.
සැකකරු අත්අඩංගුට ගන්නා අවස්ථාවේදි වස පානය කර තිබිම හේතුවෙන් සියඹලාන්ඩුව රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සදහා අමිපාර රෝහලට ඇතුලත් කළ බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.